ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් මහත්මිය ඊයේ (23) සහ අද (24) දිනයන්හි උතුරු පළාත් සංචාරක නිරත වෙමින් යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකම නිරීක්ෂණ සංචාරයක නිරත වුණා.
පළමුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පත්වු පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය හමු වී උතුරු පලාතේ රජය විසින් සිදුකරනු ලබන සංවර් ධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම නියෝජිත පිරිස යාපනය විශ්වවිද්‍යාලයට ගොස් එහි උපකුලපති සී. සද්ගුණරාජා මහතා හමුවී සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් සහ අධ්‍යාපනික කටයුතු ගැන සාකච්ඡා කළා.
ඉන් අනතුරුව නියෝජිත පිරිස ලෝකයේම කතාබහකට ලක් වූ යාපනය පුස්ථකාලයට ගොස් එහි ඇති පුරාණ ග්‍රන්ත මෙන්ම වටිනා ග්‍රන්ත පිළිබඳව සහ ඓතිහාසික වටින්කාම සම්බන්ධයෙන් පුස්ථකාලාධිපති ඇතුලු නිලධාරීණ් සමඟ සාකච්ඡාවක නිරත වුණා.
අනතුරුව බ්‍රිතාන්‍ය මහ කොමසාරිවරිය ඇතුල පිරිස යාපනයේ ප්‍රධානම ආගමික සිද්ධස්ථානය ලෙසින් සැලකෙන යාපනය නල්ලූර් කෝවිලද නිරීක්ෂණය කොට ආගමික වතාවත්වලටද සහභාගි වුණා.