විදුලි සැර වැදීමෙන් මරණයට පත්වූයේ යැයි සැකකෙරෙන පෙදරේරුවරයෙකුගේ මළ සිරුරක් අද දහවල් අනුරාධපුර නව බස් නැවතුම්පළ ඉදිරිපිට දැව ගෘහ භාණ්ඩ නිෂ්පාදන ස්ථානයක තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
අවුරුදු 30 ක් පමණ වයසැති අනුරාධපුර, තිසා වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට පොලීසිය විසින් තහවුරු කරගෙන ඇති අතර මෙම මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
මරණයට පත්ව ඇති පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ මොහු ගොළු භාවයකින් යුතු පුද්ගලයකු බවය.
එමෙන්න දැව ගෘහ නිෂ්පාදන ස්ථානය සඳහා එහි හිමිකරු විසින් විදුලිය නීති විරෝධීව ලබාගෙන තිබීමත් එම ස්ථානයේ කිසිදු ආරක්ෂිත තත්ත්වයක් නොතිබීමත් හේතුවෙන් විදුලිසැර වැදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි තමන්ට සැක පවතින බවත් ඔවුන් පවසනවා.
මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
