fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් උග්‍රවෙයි

ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 10:00

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් උග්‍රවෙයි

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් උග්‍ර වී තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදී පසුගිය අඟහරුවාදා සිට ඊශ්‍රායලය පලස්තීනයට එල්ලකළ ප්‍රහාරවලින් පුද්ගලයන් 30කට අධික ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා.

මිය ගිය අය අතර ජිහාඩ් ත්‍රස්තවාදින්  පමණක් නොව කාන්තාවන් සහ කුඩා ළමුන්ද සිටින බව මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා.

මැදිහත් පාර්ශ්ව ප්‍රකාශ කරන පරිදි මෙම ප්‍රහාරවලින් කුඩා ළමුන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ පලස්තීන සටන්කාමීන් එල්ලකළ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ එක් අයෙකු මිය ගොස් තිබෙනවා.

පසුගිය දින කිහිපයේ එල්ල වූ ප්‍රහාර නිසා ගාසා තිරයේ පුද්ගලයින් 292 නෙකු රෝහල් ගත කොට තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 12, 2023 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්