කොංගෝ රාජ්‍යයට බලපා ඇති වැසි අධික කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොංගෝ රාජ්‍යට ඇද හැළෙන අධික වර්ෂාපතනයත් සමග හදිසි ගංවතුර තත්ත්වයක් හට ගත් බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.
පුද්ගලයින් 176 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සිය ගණනක පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ගොඩනැගිලි හා නිවාස විනාශයට පත්ව ඇති අතර වගා බිම් වලට ද දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අයහපත් කාලගුණයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ රුවන්ඩා දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති කිවුව් නගරයටයි.
මේ අතර රුවන්ඩාවට ද අයහපත් කාලගුණයෙන් දැඩි හානි සිදුව ඇති අතර පුද්ගලයින් 132 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්.
