වාහන ආනයනට මහබැංකුවේ අනුමැතිය නොලැබෙයි
Related Articles
ලංකාවට බලපෑ ඩොලර් අර්බුදයත් සමඟ වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය කටයුතු කළේ ය.
ඒ 2021 වසරේ මැයි මස 24 වැනිදා ය.
ඒ් අනුව මාස 22කට ආසන්න කාලයක් කිසිදු වාහනයක් මෙරටට ආනයනයට අවසර හිමි නොවීය.
එවන් පසුබිමක වාහන ආනයනය සඳහා නැවත අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් වාහන ආනයනකරුවන්ගේ සංගමය මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමඟ සාකච්ඡාවකට එක් වූ අතර එහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
කෙසේවෙතත් නැවත වාහන ආනයනට මහබැංකුවේ අනුමැතිය නොලැබුණු බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්. කේ. ගමගේ පැවසුවේ ය.