fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 06:28

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද

2019, 2020, 2021 සහ 2022 වර්ෂවල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය අද දිනයේ දී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ උදෑසන 09 සිට දහවල් 12.10 තෙක් විභාගය පැවැත්වෙනු ඇති.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3269ක දී මෙම විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පාසල්වල අයදුම්කරුවන් සඳහා මෙම වසරේ 12 වැනි ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා තම පාසල් මගින් අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව සැලසෙනු ඇති.

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 06:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්