නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය : පොතුවිල්සිටමඩකළපුවහරහාත්රිකුණාමලය දක්වාවෙරළටඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවලවිටින් විට වැසි ඇතිවේ. කොළඹසිටගාල්ලහරහාමාතර දක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස්කාලයේදීහෝරාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ : සුළංඊසානදෙසින්හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (30-40)පමණවේ. මන්නාරමසිටපුත්තලමහරහාකොළඹදක්වා, සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළටඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය : මන්නාරමසිටපුත්තලමහරහාකොළඹ දක්වා සහමාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළටඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයිනවටාවනසෙසුමුහුදුප්රදේශමදවශයෙන්රළුසිටතරමක්රළුදක්වාවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2023-03-01 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 33 | 23 | 95 | 60 | වැසි ස්වල්පයක් |
මඩකලපුව | 29 | 23 | 95 | 75 | විටින් විට වැසි |
කොළඹ | 33 | 25 | 85 | 55 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ගාල්ල | 31 | 24 | 85 | 65 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
යාපනය | 31 | 24 | 95 | 70 | වැසි ස්වල්පයක් |
මහනුවර | 30 | 18 | 95 | 65 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
නුවරඑළිය | 22 | 11 | 95 | 65 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
රත්නපුරය | 33 | 22 | 95 | 50 | සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ත්‍රිකුණාමලය | 31 | 23 | 95 | 70 | විටින් විට වැසි |
මන්නාරම | 31 | 23 | 95 | 75 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |