75 වන නිදහස් උත්සවයට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක් සංවිධාන කර තිබෙනවා. ඒ ජනපතිගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ජාතික තරුණ වේදිකාව වැඩසටහන යටතේයි.
අපේ අලුත් කතා යන තේමාව යටතේ ජාතික තරුණ චිත්‍රපට උළෙල ලබන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතයි. මීට සමගාමීව ජාතික තරුණ කෙටි චිත්‍රපට තරගයක් ද පැවැත්වෙනවා. පාසල් සහ වයස අවුරුදු 18 ත් 27ත් අතර කාණ්ඩය ඔස්සේ සංවිධාන කෙරෙන මෙම තරගයට කෙටි චිත්‍රපට භාරගැනීම ලබන 20 වනදා සිට ඇරඹෙනවා. චිත්‍රපට භාරගන්නා අවසන් දිනය ලබන මැයි 23 වනදායි. තරුණ සිනමාකරුවන්ට අන්තර්ජාලය හරහා නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකිවීම ද විශේෂත්වයක්. මෙම කෙටි චිත්‍රපට නව පරම්පාරවේ සිනමාකරුවන් විසින් විනිශ්චයට ලක් කෙරෙනු ඇති. කෙටි චිත්‍රපට සහ විදෙස් චිත්‍රපට ප්‍රදර්ශනයක් ආදී වැඩසටහන් රැසක් මීට ඇතුළත් වනවා. මෙහි ජාතික සම්බන්ධීකාරක ලෙස චිත්‍රපට අධ්යක්ෂ මහේල හෙට්ටිආරච්චි කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.