හෙළ සිනමාවේ කිවිඳිය ලෙසින් නම් ලැබූ මෙරට සිනමා ගමන්මගේ අග්‍රගන්‍ය කාන්තා සලකුණ වු ප්‍රවීණ සිනමා අධ්යක්ෂ කලාකීර්ති ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද සිදුකෙරුණා.
කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැති අවමංගල්‍ය උත්සවය සඳහා දේශපාලනඥයන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.
සුමිත්‍රා පීරිස් කලා ශිල්පිනිය කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසු වුණා. ඇය සම්භාවනීය සිනමා අධ්යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග විවාහ වූයේ 1964 වසරේදීයී.
සංස්කරණ ශිල්පිනියක් ලෙස සිනමා ක්ෂේත්රයට පිවිසි ඇය ගම්පෙරළිය, දෙලොවක් අතර, අහසින් පොළවට සහ බක්මහ දීගේ ආදී චිත්‍රපට සංස්කරණය සදහා සම්මාන ලැබුවා. ඇය පසුව සිනමා අධ්යක්ෂණයට පිවිසි අතර ගැහුණු ළමයි ඇයගේ පළමු චිත්‍රපටයයි.
යහලු යෙහෙලි, ලොකු දුව, දුවට මවක මිස, සාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා, මායා,වෛෂ්ණාවි ආදි ඇය අධ්‍යක්ෂණය කළ සියලුම චිත්‍රපට වාර්තා පිට වාර්තා තැබූ නිර්මාණ වීම විශේෂත්වයක්.
අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය අද පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගන එනු ලැබුවා.
ඉන් පසු අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී සිදු කෙරුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැතිවරුවන්, රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන් මෙන්ම කලාකරුවන් රැසක් එක්ව සිටියා.
ආගමික වතාවත්වලින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත්කළ ශෝක පණිවුඩය කියවනු ලැබුවේ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතායි.
******දර්ශන /සුනෙත් / ඊඑන්ජී /අසංක/10.25 ()
