උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය : ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සුළඟ : දිවයිනවටාවනමුහුදුප්රදේශවලසුළං ඊසානදෙසින් හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (25-35) පමණවේ.
මුහුදේ ස්වභාවය : දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යය ස්වභාවයෙන් යුතු වේ.
|