කහවත්ත නගරය කේන්ද්‍ර කරගනිමින් නව මැණික් වෙළදපොලක් ආරම්භ කිරීමට කටයුතු කෙරුණා. ඒ කහවත්ත එක්සත් වෙළද සංගමයේ මෙහෙය වීමෙන්.
මැණික් පිළිබද ජාත්‍යන්තර කීර්තියට පත් ව්‍යාපාරිකයන් රැසකගේම ජන්ම භූමිය වූ කහවත්ත නගරය මැණික් ගරන හා අලෙවි කරන සියලු දෙනා අතර විශ්වාසය ගොඩනැගුන ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ. මැණික් අලෙවි කරන්නන්ට හා මිලදී ගන්නන්ට එම කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට පහසුකම් සළසාලමී නව මැණික් වෙළදපොල ආරම්භ කෙරුණා. ලිය කියවිලි අවම කර මැණික් ගැරීමට හා අලෙවියට පහසුකම් රැසක් ලබාදමීට පියවර ගෙන ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රත්නපුර කාර්යාල කළමනාකරු ඉන්දික මංචනායක මහතා මෙහිදී සදහන් කළා.
