අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය මාස 22 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර එය වසර 15 කට අත්හිටුවන ලෙස නියෝග කළා.
1998 වසරේදී කළුතර බන්ධනාගාරය තුලදී උල් ආයුධවලින් පහරදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනය කිරීමට උත්සාහ දරා තිබූණා.
එම චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේ මාස 22 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර එය වසර 15 කට අත්හිටුවනු ලැබුවා. ඊට අමතරව එක් එක් විත්තිකරුවන්ට රුපියල් 40,000 ක දඩ මුදල් ද නියම කෙරුණා.
එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් ඩග්ලස් දේවානන්දා මහතාට ගෙවිය යුතු බවයි අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ. එම වන්දි මුදල නොගෙවන්නේ නම් අමතරව බරපතල වැඩ සහිත වසරක සිර දඩුවම් නියම කරන බවද සදහන් කළා.