දකුණු සුඩානයේ ජනවාර්ගික ගැටුම්වලින් පුද්ගලයින් 220 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගැටුම් හේතුවෙන් රාත්රී කාලයේ දී ඇදිරි නීතිය පනවා ඇති අතර ප්රදේශයේ ආරක්ෂාවට යුද හමුදාව කැවීමටයි පියවර ගෙන ඇත්තේ. ඉඩම් අරවුලක් මත හවුසා හා බර්ටා නමැති ජන කණ්ඩායම් දෙක අතර මෙම ගැටුම් හටගෙන තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ දී ඇතිවූ දරුණුතම ජනවාර්ගික ගැටුම මෙය ලෙස හැදින්වෙනවා. දකුණු සුඩානය හා ඉතියෝපියාව අතර දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති ප්රාන්තයකයි මෙම ගැටුම් හටගත්තේ. ගැටුම් හටගැනීමත් සමග කුඩා දරුවන් හා කාන්තාවන් ප්රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වනවා.