අධිආරක්ෂිත කලාප නම්කරමින් පසුගියදා නිකුත් කෙරුණු ගැසට් පත්රය තුළින් අලුත්කඩේ උසාවි සංකීර්ණය අවට ප්රදේශය ද අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කෙරුණා. ඊට විරෝධය පළකරමින් එම උසාවි සංකීර්ණය ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ නීතිඥ සංගමයයි මෙම විරෝධතාව පැවැත්වූයේ. අදාළ ගැසට් පත්රය මගින් උසාවි සංකීර්ණය අධිආරක්ෂිත කලාපයක් ලෙස නම්කිරීම තුළින් නීතිඥවරුන්ට සහ ජනතාවට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබදව මෙහිදී අදහස් පළකෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/qCMNn-N6BLE”]