දශක ගණනාවක් තිස්සේ විදෙස්ගත සේවකයන් ඉල්ලා සිටි විශ්‍රාම වැටුප් ක්‍රමය ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දායකත්වය මත ඊයේ (26) ක්‍රියාත්මක කළා.
“මනුසවි” විශ්‍රාම වැටුප් යෝජනා ක්රමයේ විශ්‍රාම වැටුප පදනම් වන්නේ විදෙස්ගත සේවකයාගේ වයස සහ දායක මුදල් ප්‍රමාණය මතයි.
මෙමගින් මාසික විශ්‍රාම වැටුප රු. 20,000 ක් සහ රු. 50,000 කි. ප්‍රතිලාභියාගේ අවශ්‍යතා අනුව ඉහළ මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ගෙවීම ද සිදු කළ හැකියි.
විදේශ රැකියාවක් සඳහා පිටත්ව යන සෑම කෙනෙකුම විශ්‍රාම වැටුපට දායක වීමට මුලපිරිය හැකි වනවා.
මනුසවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීම සඳහා එක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා….
“සමහරු විදේශ රටවල ඉන්න විදේශිකයින්ට කිව්වා අපේ ආණ්ඩුවක් එනකල් සල්ලි එවන්න එපා කියලා. හැබැයි එහෙම කෘර ප්‍රකාශ නිකුත් කරද්දි අපේ රටට ආදරය කරන, අපේ මිනිස්සුන්ට ආදරය කරන, අපේ මනුස්සකම තියෙන අපේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ, මනුස්සකමේ නාමයෙන් අපේ රටට ඩොලර් එව්වා. ඩොලර් මිලියන දෙසිය විසිගාණට අඩුවෙලා තිබුණ එක අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 325.4 දක්වා අපේ විදෙස්ගත ශ්‍රමිකයින් මනුෂ්‍යත්වයේ නාමයෙන් අපේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩනගන්න සල්ලි එව්වා. අද අපි වෙනුවෙන් කැපවුණ මිනිස්සුන්ට දීර්ඝ කාලයක් බලාගෙන හිටපු, මෙච්චර දවස් තෙල් ටික ගන්න, ගෑස් ටික ගන්න, බෙහෙත් ටික ගන්න අවුරුදු ගානක් අපිට උදව් කරපු අයට මෙච්චර කල් සලකන්න බැරුව හිටියා. මේ තත්ත්වය තේරුම් අරගෙන අද අපිට පුළුවන් වෙලා තියෙනවා මනුස්සකමේ නාමයෙන් විගමණික ශ්‍රමිකයින්ට සවියක් වෙන්න.”
විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, කාන්තා- ළමා හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුපා පැස්කුවල් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.