ආසියා කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ශ්රී ලංකාව සහ පාකිස්ථානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා. අවසන් මහා තරගයේ තරග උණුසුම සජීවීව ප්රේක්ෂක ඔබට සමීප කිරීමට වසන්තම් ටීවී නාලිකාව මෙන්ම ස්වාධීන රූපවාහිනිය ද සූදානම්ව සිටිනවා.
ආසියා ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්ථාන සහ ශ්රී ලංකාව අතර අද රාත්රී 7.30ට ඩුබායි ක්රීඩාංගණයේ දී පැවැත්වෙනවා. ශ්රී ලංකාව මීට පෙර අවස්ථා පහක දී ආසියා කුසලානය දිනාගෙන ඇති අතර පාකිස්ථානය අවස්ථා දෙකක දී ආසියානු කුසලානය ජයග්රහණය කර තිබෙනවා. ශ්රී ලංකාව සහ පාකිස්ථානය මීට පෙර ආසියා කුසලාන අවසන් මහා තරග තුනක දී තරග වැදී තිබෙනවා. එහි දී තරග දෙකක්ම ජයග්රහණය කර ඇත්තේ ශ්රි ලංකා කණ්ඩායමයි. ආසියා ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ උණුසුම වසන්තම් ටීවී නාලිකාව සහ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.
මේ අතර ගාලුමුවදොර ක්රීඩා පිටියේදී විශේෂ පුළුල් තිරයක් ඔස්සේ අද පැවැත්වෙන අවසන් මහා තරගය විකාශය කිරීමට ද සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
