දෙවන එළිසබෙත් මහරැජින අභාවප්‍රාප්ත වන විට රැදී සිටි ස්කොට්ලන්කයේ බැල්මෝරල් මාලියගේ සිට ඇයගේ දේහය අද රැගෙන යාමට නියමිතව තිබෙනවා.
රාජකීය අවමංගල්‍යය රථයකින් රැජිනගේ දේහය එඩින්බරෝහි පිහිටි හෝලිරුඩ්ස් මාලිගය වෙත රැගෙන යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රාජකීය අවමංගල්‍ය රථය ඇබර්ඩින්, ඩන්ඩී සහ පර්ත් යන නගර හරහා කිලෝමීටර් 280 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව හෝලිරුඩ්ස් මාලිගය වෙත ලගාවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
