කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ කෑගල්ල රංවල ප්රදේශයේ ඊයේ රාත්රියේ සිදුවූ අනතුරකින් තරුණයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කෑගල්ල දෙස සිට වරකාපොල දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදි 3ක් මහනුවර දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. වෙනත් වාහනයකට ඉස්සර කිරීමට වෑන් රථයේ රියදුරු උත්සාහ කළ අවස්ථාවේදී ඔහුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදි 3 මෙසේ ගැටී තිබෙනවා.
යතුරුපැදිවල ගමන්ගත් තවත් දෙදෙනෙකු මෙම අනතුරින් තුවාල ලැබුවා. ඒ අතුරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි කෑගල්ල මහරෝහල් වාර්තා සදහන් කරන්නේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තුල්හිරිය නාන්ගල්ල ප්ර දේශයේ පදිංචි වයස අවුරුදු 27 ක තරුණයන් 3න් දෙනෙක්.
