තම බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්ය ආයතනයක් සෘජුව හෝ වක්රව ඉල්ලීම් කර නැති බව මහජන බැංකුව නිවේදනය කරනවා.
මහජන බැංකුව රාජ්ය ආයතන සදහා බැංකු සේවා සැපයීමේ විශ්වසනීය හවුල්කරුවෙක්.
සිය ගනුදෙනුකරුවන්ට උපරිම කැපවීමෙන් හා වගකීමෙන් සේවය ඉටු කිරීමට කැපවී සිටින බවද මහජන බැංකුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
