බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවයේ පාවඩ පෙරහැරට අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක්වුණා.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති ආචාර්ය පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය බැහැ දකිමින් ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී ආගමික වතාවත්වල නිරතවූ අග්‍රාමාත්‍යවරයා පාවඩ පෙරහැර ආරම්භ කිරීමට පෙර ධාතු මන්දිරය කරා ධාතුන් වහන්සේ වැඩමකරවීමේ අවස්ථාවට ද එක්වුණා. පසුගියදා මියගිය නැදුන්ගමුව රාජා හස්තියාගේ භාරකරු වන හර්ෂ ධර්ම විජය මහතාට එම හස්ති රාජයාගේ අනුරුවක් ද අග්‍රාමාත්‍යවරයා පරිත්‍යාග කළා. පෙරහැර නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා.