fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර කිහිපයකට පසු ලිට්‍රෝ සමාගම ලාභ ලබයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2022 14:04

වසර කිහිපයකට පසු ලිට්‍රෝ සමාගම ලාභ ලබයි

වසර කිහිපයකට පසුව පසුගිය ජුලි මාසයේදී ලිට්‍රෝ සමාගම ලාභ ලැබූ බව එම සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා පවසනවා.

රජය සතු සමාගමක් මෙලස ලාභ ලැබීම පාරිභෝගියන්ට ද සහන සැලසීමේ අවකාශ උදාකරන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ. පසුගිය වසරවල ලිට්‍රෝ ආයතනය රැකගැනීම වෙනුවෙන් විශාල ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවත් එම ණය මුදල් ඉතා කඩිනමින් ගෙවමින් පවතින බවත් සභාපතිවරයා ප්‍රකාශ කරනවා. ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව හෙට පස්වරුවේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩුකරන බවද එ මහතා කියා සිටියා ඒ අනුව මේ වන විට රුපියල් හාරදහස් නවසිය දහයකට අලෙවි කෙරෙන කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 200 කට වඩා වැඩි මුදලකින් අඩු වන බවයි වාර්තා වන්නේ. හෙට පස්වරුවේ පවත්වන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෑස් මිල ගණන් පිළිබඳව අවසන් වශයෙන් තීරණය කිරීමට නියමිතයි.

මේ අතර මුතුරාජවෙල පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තයෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු අඛණ්ඩව සිදුවනවා. පසුගිය මස 11 වනදා සිට රට පුරා ලිට්‍රෝ ගෑස් අලෙවි මධ්‍යස්ථාන දාහතර දහසකට මේ වනවිට ගෑස් බෙදා හැර ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ. ඒ අනුව ගෑස් පෝලිම් මේ වනවිට අවසන් කර තිබෙනවා. නොවැම්බර් මාසය දක්වා අවශ්‍ය කරන ගෘහස්ථ ගෑස් ඇනවුම් කර අවසන් බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2022 14:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්