දකුණු කොරියාව රුපියල් කෝටි හතරහමාරකට ආසන්න වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළා. කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ මූලිකත්වයෙන් හියුමන් අර්ත් සංවිධානය සහ කොරියා ජාතිකයින්ගේ ආධාර ඇතිවයි මෙම ඖෂධ පිරි නැමුණේ.
ඖෂධ භාර දීමේ උත්සවය දකුණු කොරියාවේ සෝල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්වුණා. ඒ දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක හා කොරියා ශ්‍රී ලංකා විහාරයේ ප්‍රධානී පූජ්‍ය තල්ගමුවේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි. ඖෂධ තොගය දකුණු කොරියාවේ ශ්‍රී ලංකා වැඩ බලන තානාපති සාවිත්‍රි පානබොක්කේ මහත්මිය වෙත නිල වශයෙන් භාර දීම මෙහි දී සිදුකෙරුණා. ඖෂධ තොගය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම ශ්‍රි ලංකා ගුවන් සේවයේ අන්‍රග්‍රහයෙන් සිදු කෙරුණා. ඖෂධ හිඟයෙන් පීඩා විදින මෙරට රෝහල්වලට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ 25ක් මේ අතර වෙනවා.
මෙම දුෂ්කර අවස්ථාවේ ජාතියක් ලෙස නැගී සිටිමට ශ්‍රී ලාංකිකයින් සැම දෙනා අදිටන් කල යුතු බව පූජ්‍ය තල්ගමුවේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ මෙහි දී ප්‍රකාශ කළා.ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවේදී ම මෙවැනි පරිත්‍යාගයක් සිදු කිරීම ශ්‍රී ලංකා තානාපතිනිය ස්තූතිය පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OhVVegwcE3Y”]