ඉන්ධන අර්බුදය හේතුවෙන් ආනයනකරුවන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
බහාලුම් ප්‍රවාහනයට වැයවන මුදල පෙර පැවති මිල ගනන් වලට වඩා පස්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. මීට පෙර වරායේ සිට බහාලුමක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගුදමකට රැගෙන යාම සදහා අයකළ මුදල රුපියල් දසදහසත් දොළොස්දහසත් අතර වනවා. එහෙත් මේ වනවිට එම මුදල රුපියල් පනස්දහස දක්වා ඉහළ ගොස් ඇති බැවින් භාණ්ඩවල පිරිවැයට ද එය බලපා තිබෙන බවයි පැවසෙන්නේ. ඉන්ධන ගැටලුවත් සමග බහාලුම් ප්‍රවාහන රථ ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට නොහැකිවීමෙන් වරායෙන් බහාලුම් නිෂ්කාශනය කර ගැනීමේ ක්‍රියාවලිය ද ප්‍රමාදවී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
