අවදානමකට ලක්විය හැකි පුද්ගලයින් හා පවුල් සදහා සුබසාධන ප්රතිලාභ වැඩසටහනක් රජය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා.
මිලියන තුනකට අධික ප්‍රතිලාභීන් ඉලක්ක කරගනිමිනුයි මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ. ඒ සදහා ලබන 15 වනදාට පෙර ලියාපදිංචි විය යුතු බවයි රජය පවසන්නේ. ඒ සදහා www.wbb.gov.lk වෙතින් වැඩි විස්තර ලබාගත හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
