නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මහබාගේ වත්තල ප්රදේශයේ වැටලීමක් සිදුකළා. එහිදී අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ රජයේ අවවාද ද සඳහන් කර නොතිබූ බව පොලීසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු මහබාගේ පොලීසිය වෙත භාරදී තිබෙනවා.