ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් ආශ්රිත මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ දෙපාර්තමේනතුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. යළි දැනුම් දෙන තුරු නැගෙනහිර මුහුදු ප්‍ර දේශයට යාත්‍රා නොකර ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට අවධාරණය කෙරෙනවා.
දකුණු අන්දමන් මුහුද සහ ඒ ආශ්රිත ප්‍ර දේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන් සියලු කාලගුණ නිවේදන පිළිබද අවධානය යොමු කරන ලෙස දැනුවත් කෙරෙනවා. ඉදිරි පැය කිහිපය තුලදී අඩු පීඩන කලාපය වයඹ දෙසට ගමන් ගන්නා අතර බෙංගාල මුහුදු ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි. ඉදිරි පැය කිහිපය තුළ බෙංගාලයේ සිට නැගෙනහිර-මධ්‍යම බොක්ක හරහා සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බැවින් මේ පිළිබද දැඩිලෙස විමසිලිමත්වන ලෙස ධීවර හා නාවික ප්‍රජාව දැනුවත් කෙරෙනවා.
අනතුරු ඇඟවීම්: මුහුදු කලාපය සඳහා
ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක, තද සුළං (45-55) පැ.කි.මී. (60-70) දක්වා ඉහත සඳහන් කළ මුහුදු ප්‍රදේශවලට ඉතා රළු මුහුදු ආශ්‍රිතව (Equator – 04 N) සහ (80E – 95E) සුළගේ වේගය පැයට කිලෝමීටර් (70-80) දක්වා වැඩි විය හැකියි.
යෝජිත ක්‍රියාමාර්ගය:
නාවික සහ ධීවර ප්‍රජාවට මායිම් වූ මුහුදු ප්‍රදේශවලට නොයන ලෙසට උපදෙස් දෙනු ලැබේ
(07N-14N සහ 86E-93E) මගින් සහ (00-04N, 80E-95E) දක්වා මායිම් වූ මුහුදු ප්‍රදේශ
වැඩිදුර දැනුම්දීම.
ඉහත සඳහන් කළ මුහුදු ප්‍රදේශවල සිටින අයට නැවත වෙරළට පැමිණීමට හෝ උපදෙස් දෙනු ලැබේ
වහාම ආරක්ෂිත ප්‍රදේශවලට ගමන් කරන්න.
ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී