ශ්‍රී ලංකා ආර්ථිකය තිරසාර මාවතකට ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගැඹුරු සාකච්ඡා ආරම්භ කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
යුරෝපා සංගම් දූත මණ්ඩලය සිය සාමාජික රටවල තානාපති කාර්යාල [ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව] සහ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, සහ එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහකොමසාරිස් කාර්යාල සමඟ එක්වයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

