ඩීසල් තොග ලැබීමේ යම් අඩුවීමක් පැවතිය ද උපරිම බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ඩීසල් තොග ලැබීමේ යම් අඩුවීමක් පැවතිය ද උපරිම බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කර තිබෙන බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ( ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා (01) ප්‍රකාශ කළේය.
එමෙන්ම, ජනතාවට අවශ්‍ය රථවාහන පහසුකම් විශේෂයෙන් කාර්යාල වේලාවන්, පාසැල් වේලාවන්වල දී කෙසේ හෝ ගමන් වාර ධාවනයට ලංගම කටයුතු කරන බවත්, මේ වන විට දෛනිකව ධාවනයට එක්වන ලංගම බස්රථ 5000 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා ධාවනයට එක්කොට ඇති බව පැවසූ හෙතෙම, සාමාන්‍යයෙන් කොළඹ නගරය කේන්ද්‍ර කොට ප්‍රධාන මධ්‍යම බස්රථ නැවතුම් ස්ථානයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට දුරගමන් සේවා සඳහා ධාවනයට එක්කොට ඇති බවත් ප්‍රකාශ කළේය.
