ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලද පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර තරග වලින් සමුගැනීමට තීරණය කළ බව නිවේදනය කර සිටියි.
මේ පිළිබඳව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.
කෙසේවෙතත් ඔහු දේශීය තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරනු ඇති.
39 හැවිරිදි ඩිල්රුවන් ටෙස්ට් තරග 43 කදී කඩුලු 161 ක් දවාගැනීමට සමත්ව සිටින අතර ඔහු අර්ධ ශතක 07 ක් සමගින් ලකුණු 1303 ක් රැස්කිරීමට ද සමත්විය.
ඩිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 100 කට වඩා දවා ගත් පන්දු යවන්නන් 7 දෙනාගේ සාමාජිකයෙකි. කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගැනීම් 8 ක් සහ තරගයක කඩුලු 10 ක් දවා ගැනීම් 2 ක් සටහන් කර ගැනීමටද ඩිල්රුවන් සමත්ව සිටියි.
