ගොවි ජනතාවගේ වී අස්වනු තරගකාරී මිලකට මිලදී ගැනීමේ අරමුණෙන් නාඩු වී කිලෝවක් රුපියල් 55 කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එලෙස වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී තොග සහල් බවට පත් කර සතොස අලෙවි සැල් ජාලය මගින් පාරිභෝගික ජනතාවට ලබාදෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ පිළිබඳව පැහැදිලි කළා.
එසේම මෙරට සමස්ත විදුලි බල අවශ්‍යතාවෙන් 70%ක් 2030 වසර වනවිට පුනර්ජනනීය බල ශක්තියෙන් සපුරා ගැනීම ඉලක්කය වී තිබෙනවා. 2050 වනවිට මෙරට විදුලි ජනනය පූර්ණ කාබන්හරනයට පත් කිරීම සැලසුම බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/YWWlwJ7N32U”]
2021-09-13 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ පහත පරිදි වේ.

