පුත්තලම දිස්ත්‍රික්කයේ නීත්‍යානුකූල ඔප්පු නැති පිරිස් සදහා ඔප්පු ලබා දීමේ වැඩසටහනක් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
වැඩ සමග යළි ගමට සංකල්පය යටතේ රන්බිම ඔප්පුව යනුවෙන් ඔප්පු ප්රදානය සිදු කෙරුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. ප්‍රතිලාභීන් 260 දෙනෙකුට අධික පිරිසකට ඉඩම් ඔප්පු ලබා දීම සිදුවුණා.
ජනාධිපති කාර්ය සාධක බලකාය, ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරීන් ද මෙම අවස්තාවට සහභාගී වුණා.