ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 419 දෙනෙකු හදුනා ගැනෙද්දී සුවය ලැබූ පිරිස පන්ලක්ෂ හැටදහසේ සීමාව ඉක්මවල ගියා.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 419 දෙනා ද සමගින් මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 586,183 ක් වනවා. රෝහල්වල සහ නිවාසවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 11,154 ක්. සුවය ලැබූ සංඛ්‍යාව 560,085 ක්.
ඊයේ වන විට කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන සිටි සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අසූනවදහස් තුන්සිය දහනවයයි. එක්කෝටි තිස්අටලක්ෂ හතලිස් දහස් දෙසිය හැත්තෑ නව දෙනෙකු දෙවන මාත්‍රාව ලබාගෙන තිබුණා. තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව තිස්අටලක්ෂ පනස්හත්දහස් පන්සිය හතරක්.