ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මුං ඇට කිලෝවක් රුපියල් 455 ක මුදලකට මිලදී ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රජයේ මෙම වැඩපිළිවෙළට ගොවිජනතාවගේ ප්‍රසාදය හිමිවුණා.
කෘෂි නිෂ්පාදන අලෙවිකර ගැනීමට නොහැකිවීම ගොවීන් මුහුණපාන ප්‍රධාන ගැටලුවක් මේ හේතුව නිසා බොහෝ ගොවීන් කෘෂිකර්මාන්තයෙන් ඉවත්වීමට කටයුතු කරනවා. රජය මේ පිළිබදව අවධානය යොමු කරමින් ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍ර දේශීය ලේකම් කාර්යාල හරහා මේ වනවිටත් මුංඇට මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කර තිබෙනවා.
වෙළෙදපොල තුල පැවති ඒකාධිකාරය මේ හරහා බිදදැමීමට හැකිවී ඇති බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/0naSIdN6Wpo”]
