හම්බන්තොට ප්රදේශයේ දී වාහන පහක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. බීමතින් රිය පැදවූ පුද්ගලයෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
හම්බන්තොට බෙරලිහෙල ප්රදේශයේ දී බීමතින් කැබ් රථයක් පදවා ගෙන ගිය පුද්ගලයෙකු ත්රි රෝද රථ තුනක් සහ යතුරු පැදි දෙකක් අනතුරට ලක් කර තිබෙනවා. අනතුර සිදුවීමෙන් පසු එම පුද්ගලයා කැබ් රථය මහ මග දමා පලා ගොස් ඇති අතර ඔහු බෙරලිහෙල ප්රදේශයේ සැගව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගත්තා.
අනතුරෙන් කාන්තාවක ද බරපතළ තුවාල ලැබූ අතර ඇය හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා.