තාවකාලිකව නතර කර තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අනිද්දා සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු පසුගිය මස 15 වනදා තාවකාලිකව නතර කෙරුණේ ප්රමාණවත් බොරතෙල් සැපයුමක් නොමැතිවීම හේතුවෙන්. ඒ අනුව අනිද්දා සිට එම කටයුතු යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්යංශය සදහන් කරනවා. මේ අතර සපුගස්කන්ද බලාගාරය සදහා බොරතෙල් ලබාගැනීමට නයිජීරියා තෙල් සමාගම සමග ඇතිකරගත් ගිවිසුම අවලංගු කිරීමට ලංකා ඛණිජතෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.
