ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඒකාබද්ධව පාසල් ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇති බැවින් දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
දැනට ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙල හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිත යථා තත්ත්වයට පත්වීමේ සතුටුදායක වර්ධනයක් පවතින බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරන්නේ.
