දියර පොහොර තවත් තොගයක් දිවයිනට රැගෙන එනු ලැබුවා.
නැනෝ නයිට්‍රිජන් දියර පොහොර කිලෝග්‍රෑම් 44,730 ක් මෙලෙස දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඉන්දියාවේ සිට අද අලුයම මෙම දියර පොහොර තොගය දිවයිනට රැගෙන ආ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මීට පෙර ද ඉන්දියාවේ සිට නැනෝ නයිට්‍රිජන් දියර පොහොර තොගයක් දිවයිනට රැගෙන එනු ලැබුවා. එම පොහොර අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ගොවීන්ට බෙදාහැරුණා.
අද රැගෙන ආ දියර පොහොර තොගය ද කඩිනමින්ම ගොවීන් වෙත බෙදාහැරීමට නියමිතයි.
මේ අතර දේශීය නිෂ්පාදකයින් නිපදවූ කාබනික පොහොර ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත මේ වනවිටත් බෙදාහැර අවසන්කර තිබෙන බව ලක්පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත පෙරේරා මහතා ස්වාධීන රූපවාහිනී සේවයට පැවසුවා.
