ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වීමට ලොව රටවල් 190ක් ඇතුලු ආයතන ගණනාවක් එකඟත්වය පළ කර තිබෙනවා.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන දේශගුණ විපර්යාස සමුලුවට සමගාමිව පැවති බලශක්ති පිළිබඳ රාජ්‍ය නායක හමුවකදී රටවල් රැසක නායකයින් මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා. 2030 වසර වනවිට මෙම ඉලක්කය යම්තාක් දුරට සාක්ෂාත් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වනවා. මේ වන විට පෝලන්තය, වියට්නාමටය, චිලී රාජ්‍යය මෙන්ම ඉන්දියාව, චීනය සහ ඕස්ට්‍රේලියාව ද ගල් අඟුරු භාවිතය සඳහා ප්‍රධාන වශයෙන් යොමුවූ රටවල් ලෙසයි සැළකෙන්නේ. මෙම රටවල් දේශීය වශයෙන් නිෂ්පාදිත ඉන්ධන ප්‍රභවයන් වෙත යොමුවීමේ තව අභිලාෂය පිළිබඳ ද මෙහිදි අවධානය යොමු කරනු ලැබුවා.
