රාජපක්ෂ පවුලේ උතුම් මැණීයන් ලෙස ගෞරවයට පාත්‍ර වන දෝන දන්දිනා සමරසිංහ දිසානායක මහත්මිය සිහිපත් කරමින් උත්තම මාතා ගුණ සමරු පූජා 2021 උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
නිදහසෙන් පසු මෙරට දේශපාලන සමාජ පෙරලියක් විප්ලවක් සටහන් කළ 1956 යුග පරිවර්තනයට දායක වූ නියමුවෙකු වන ඩී ඒ රාජපක්ෂ මහතාගේ බිරිඳ දෝන දන්දිනා සමරසිංහ දිසානායක මහත්මියයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුලු දූ දරුවන්ගේ මැණීයන් වූ එතුමියගේ ගුණ සමරු උත්සවය පැවැත්වුණේ ඇඹිලිපිටිය ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍ර යේ දීයි. ඇඹිලිපිටිය නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ රුවන් පතිරණ මහතා පස්වන වරටත් එය සංවිධාන කර තිබුණා. දක්ෂින ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ උත්සවයේ මුලසුන හෙබවූවා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය දන්දිනා සමරසිංහ මහත්මියගේ ඡායාරූපයට පළමුව මල් මාලාවක් පළදවමින් උපහාර දැක්වුවා. අනතුරුව ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද ඊට එක් වුණා. අමාත්‍ය චමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ සහ ජානක වක්කුඹුර යන මහත්වරුන් ද දෝන දන්දිනා සමරසිංහ දිසානායක මහත්මියගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වුවා. දන්දිනා සමරසිංහ දිසානායක යනු කුමන ආකාරයේ චරිතයක් ද යන්න එතුමියගේ දරුවන්ගෙන් තේරුම් ගත හැකි බව ගුණ සමරු දෙසුම ආරම්භ කරමින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පැවසුවා.
