සමගි ජනබලවේගය වව්නියාවේ අද පැවැත්වූ විශේෂ හමුවේදී තනතුරු ගැන ඇතිවුණු කතාබහ මත ගැටුමක් දක්වාම වර්ධනය වුණා. ප්රධාන සංවිධායකයින් පක්ෂයෙන් ලැබෙන මුදල් නිසි විදියට වියදම් නොකරන බවට චෝදනා කරමින් බිම් මට්ටමේ සංවිධායකයින් මේ හමුවේදී චෝදනා කළා.
සමගි ජනබලවේගයේ උතුරු පළාතේ සංවිධාන කටයුතු සිදුකළයුතු ආකාරය පිළිබද මෙම විශේෂ සාකච්ඡාව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රි රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්රධානත්වයෙන් වව්නියාව නගරයේදීයි පැවැත්වුණේ. මෙම පක්ෂයේ මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු මීට එක්ව සිටි අතර ගම් මට්ටමේ සංවිධායකවරුන් මෙහිදී චෝදනා කළේ පක්ෂයේ කටයුතුවලදී තමන්ට අසාධාරණකම් සිදුවන බව පවසමින්. එහිදී උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QVObiSlapLY”]