බෙලිඅත්ත ඩී ඒ රාජපක්ෂ ආයුර්වේද රෝහලේ ඉදිකර ඇති කෝවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ පළාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
කෝවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇදන් සියයකින් සමන්විත බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම වාට්ටුව ප්‍රතිසංස්කරණය කෙරුණා. කෝවිඩ් ආසාදිතයන්ට නව මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සදහන් කළේ.
