fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තය හඬා වැටෙද්දී ඉතාලිය පාපන්දු කුසලානය රැගෙන යයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2021 16:27

එංගලන්තය හඬා වැටෙද්දී ඉතාලිය පාපන්දු කුසලානය රැගෙන යයි

2020 යුරෝපා පාපන්දු කුසලාන අවසාන මහා තරගය එංගලන්තයේ වෙබ්ලි ක්‍රීඩාංගනයේ දී ඊයේ පැවැත්වුණා.

තරගයේ නියමිත කාලය තුළදී කණ්ඩායම් දෙකටම ලබාගත හැකි වූයේ එක් ගෝලය බැගිනුයි. ඒ හේතුවෙන් දඩුවම් පහර මගින් තරගයේ ජයග්‍රහණය තීරණය කෙරුණා. එහිදී ඉතාලිය ගෝල තුනට දෙකක් ලෙස තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුණා.

ඉතාලිය යුරෝපා පාපන්දු කුසලානය හිමි කරගත් දෙවන අවස්ථාව මෙයයි. මින් පෙර 1968 වසරේ දී ඔවුන් ශූරතාවය හිමි කර ගැනීමට සමත් වුණා. තරගය නැරඹීම සදහා හැට දහසකට අධික ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් වෙබ්ලි ක්‍රීඩාංගනයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර දඩුවම් පහර මග හැරීම සම්බන්ධයෙන් එංගලන්ත කණ්ඩායමේ කළු ජාතික ක්‍රීඩකයින් තිදෙනාට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එල්ලවන වර්ගවාදී චෝදනා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. ඔවුන් තිදෙනා දැඩි කැපවීමකින් තම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ බවයි එංගලන්ත පාපන්දු  සම්මේලනය සදහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2021 16:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo