සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට කොරෝනා එන්නත් ලබාදීම පිළිබද විශේෂ අවධානය යොමුව තිබෙනවා.
විශ්ව විද්‍යාල කඩිනමින් විවෘත කරන ලෙසත් මෙම එන්නත්කරණ වැඩසටහන විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරන ලෙසටත් විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක මාර්ගගත අධ්‍යයන ක්රමයේ පවත්නා ගැටලු මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග ආදිය පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.