සංචරණ සීමා පනවා ඇති කාල සීමාවල ජනතාවට අවශ්‍ය එළවළු, පළතුරු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරිමට අවසර දී තිබෙනවා.
ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් විශේෂ අවසර පත්‍රයක් ලබා ගත යුතු බවයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය පවසන්නේ.
මේ සම්බන්ධයෙන්, සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බව ද, ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළේ ය.
