46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපී පෙනෙන උනන්දුවක් දකින්න ලැබෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීම, මැරතන් හා පාපැදි තරග ලබන 26,27,29 යන දිනවල කතරගමදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පාපැදි තරග සදහා ක්‍රීඩකයින් 271 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 36 දෙනෙකු ද, මැරතන් තරගය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 171 දෙනෙකු ද එක්වීමට නියමිතයි. ඇවිදීමේ තරගය සදහා ක්‍රීඩකයින් 99 දෙනෙකු සහ ක්‍රිඩිකාවන් 38 දෙනෙකු සහභාගී වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/w_X3WkYLgnQ”]