අඛණ්ඩව තුන්වන වරටත් පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්රීඩා තරගාවලියේ ශූරතාව දිනා ගැනිමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය සමත් වුණා. අසුඑක්වන පොලිස් අන්තර් කොට්ඨාස මළළ ක්රීඩා තරගාවලිය බම්බලපිටිය පොලිස් ක්රීඩාංගනයේදී පසුගියදා පැවැත්වුනා. මීටර් 1500 පිරිමි ඉසව්ව සදහා නව වාර්තාවක් පිහිටුවීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ උප පොලිස් පරික්ෂක හේමන්ත කුමාර සමත් වුණා.
ඒ අනුව මීටර් 1500 ඉසව්ව සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් මිලග ආසියානු ක්රීඩා උළෙලට සහභාගීවීමට ඔහුට අවස්ථාව උදා වුණා. එම කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් කේ එම් එස් සුනන්ද කවපෙත්ත විසි කිරිමේ ඉසව්වවෙන් නව වාර්තාවක් බිහි කළා. කාන්තා පොලිස් කොස්තාපල් ශානිකා මධුෂානි කව පෙත්ත විසි කිරිමේ කාන්තා ඉසව්වෙන්ද නව වාර්තාවක් බිහි කිරිමට සමත් වුණා. මැති ඇමතුවරුන් ඇතුළු පිරිසක් සමාප්ති උත්සවයට සහභාගිවුණා.