වනාන්තර විනාශ කරන්නන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
කොළඹ දිස්ත්රික් ලේකම් සමුළුව අමතමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ. දිස්ත්රික් ලේකම් සමුළුව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හා කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. කොළඹ දිස්ත්රික්කයේ ප්රා දේශීය ලේකම්වරුන් සියලු දෙනා මෙම අවස්ථාවට එක්ව සිටියා. වන විනාශය වැළැක්වීම සදහා ගුවන් යානා තාක්ෂණය යොදා ගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/s_SvsPm2lwI”]
