SLT-Mobitel හිල් ක්ලයිම්බ් 20යි21 ධාවන තරගාවලිය මෙවරත්
Related Articles
එස් එල් ටී මොබිටෙල් අනුග්‍රහයෙන් සදර්න් එළියකන්ද හිල් ක්ලයිම්බ් විස්සයි විසිඑක ධාවන තරගාවලිය මෙවරත් පැවැත්වෙනවා.
එස් එල්ටී මොබිටෙල් ස්පීඩප් සදර්න් එළියකන්ද හිල් ක්ලයිම්බ් එළියකන්ද විස්සයි විසිඑක ධාවන තරගාවලිය වෙනුවෙන් දක්ෂිණ මෝටර් රථ ක්‍රීඩා සමාජය සමග අත්වැල් බැද ගැනීමට එස් එල් ටී මොබිටෙල් ආයතනය පියවර ගෙන තිබෙනවා. මෙවර තරගය සංවිධාන කෙරෙන්නේ 25 වන වරටයි. එස් එල් ටී මොබිටෙල් අනුග්‍රහය ඒ සදහා අඛණ්ඩව හයවන වරටත් හිමිවීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන ශ්‍රවනාගාරයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීයි මේ පිළිබද තොරතුරු හෙළි වුණේ. මෙම මෝටර් රථ ධාවන සැණකෙළිය යතුරුපැදි ධාවන තරග ඉසව් 16 කින් සහ මෝටර් රථ ධාවන තරග ඉසව් 17 කින් සමන්විතයි. ලබන 27 සහ 28 යන දිනවල තරග පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා මෙහිදී කියා සිටියේ අධිවේගී අන්තර්ජාල පහසුකම් සංවර්ධනයේ ප්‍රමුඛයා ලෙස තම ආයතනයට මේ සදහා දායකවීමට හැකිවීම සතුටට කරුණක් බවයි. දක්ෂිණ මෝටර්ථ ධාවන ක්‍රීඩා සමාජයේ සභාපති ආචාර්ය සංජය සේදර සෙනරත් මහතාද මෙම අවස්ථාවට එක්වුණා.