අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01 වනදා සිට 11 වනදා තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. එම සිසුන් සදහා ලබන 17 දා සිට 25 වනදා දක්වා අධ්‍යයන නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ව කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා. එමෙන්ම සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී අධ්‍යයන නිවාඩු බාධාවක් කර නොගතයුතු බව ද ඒ මහතා අවධාරණය කරනවා.
බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පළමු ශ්‍රේණිය සදහා දරුවන් ඇතුළත් කර ගැනීම අද සිදු කෙරුණා. සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති මාර්ගෝපදේශයන්ට යටත්වයි සෑම පාසලකම දරුවන් ඇතුළත් කිරීමේ කටයුතු සංවිධාන කර තිබුණේ.
නව වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සදහා පාසල වෙත පැමිණෙමින් සිටි පුංචි මල්කැකුළක් අද උදෑසන මහමගට බිලි වූ අවාසනාවන්ත පුවතක් ද බදුල්ලෙන් වාර්තා වුණා. බදුල්ල අසේලපුර පදිංචිව සිටි සිවනේෂන් ප්‍රදීප් නැමැති 06 හැවිරිදි සිසුවා බදුල්ල සරස්වතී කණිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර තිබුණා. පළමු ශ්‍රේණි ආරම්භ වූ අද දිනයේ තම නිවුන් සොහොයුරා සමග මෙම සිසුවාද පාසලට පැමිණියේ සිය මව සහ මිත්තනිය සමගයි. බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදී කන්ටේනර් රථයක් ගැටීමෙන් සිසුවා ජීවිතක්ෂයට පත් වූ අතර මිත්තණිය ද බරපතල තුවාල ලැබුවා. මේ අතර මාරක රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනය තුළ පුද්ගලියන් 07 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දිනකට රිය අනතුරු 40 දක්වා වැඩිවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

