මාස 07 ක් පුරා අභ්‍යවකාශය හරහා ගමන් කිරීමෙන් පසු චීනයේ ටියෑන් වෙන් 01 ගවේශන යානය අගහරු වෙත ඊයේ සාර්ථකව ලගා වුණා.
චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයට අනුව ටියෑන්ග් වෙන් 1 යන්නෙටි අර්ථය වන්නේ ‘‘ස්වර්ගීය සත්‍ය සෙවීම“ යන්නයි. මෙම ගවේශනය මගින් අගහරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ව්‍යුහය, වායුගෝලය, පරිසරය සහ පස පිළිබද වැදගත් තොරතුරු එක් රැස් කරනු ලබනවා. එමෙන්ම ජලය පිලිබද ඕනෑම සළකුණක් සොයා බලන බවත් චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය වැඩිදුරටත් දැනුම් දෙනවා. අභ්‍යවකාශ යානය මැයි හෝ ජූනි මාසවලදී අගහරු පෘෂ්ඨය වෙත ගොඩ බසිනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.
